• අගමැති බාලිකා මහා විද්‍යාලයේ 2020 /2022 අධ්‍යන වර්ෂය සදහා අපොස උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත සිසුන් පහත සඳහන් link  වෙත පිවිස අදාල අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ.
  • →අයදුම් පත්‍ර භාර ගන්නා අවසාන දිනය 2020.06.04 වේ

  •    ඔබ සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් ලද හොත් එදිනට අදාළ තොරතුරු සහතික කරන ලියකියවිලි සහ සා. පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පති නිර්දේශය රැගෙන ආ යුතු බව සලකන්න 

  • →උසස් පෙළ විද්‍යා අංශය (ගණිත, විද්‍යා) සඳහා වඩාත් සුදුසු වන්නේ අවම වශයෙන් A සාමාර්ථ හතරක් සහිතව අපොස සා. පෙළ සමත්වීම හා ගණිතය හා විද්‍යාව විෂයන්ට A හෝ B සාමාර්ථයක් ලබා තිබීමයි
  •  උසස් පෙළ වාණිජ විෂය ධාරාව හැදෑරීම සඳහා, මාධ්‍ය භාෂාව හා ගණිතය ඇතුළුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි විෂයන් නමයෙන් අවම වශයෙන් විෂයන් හයක් සමත්ව ඉන් තුනකට සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතුය.ඔබ විසින් හැදෑරිය යුතු විෂයයන්
    1.       ගිණුම්කරණය
    2.       ආර්ථික විද්‍යාව
    3.       ව්‍යාපාර අධ්‍යයනය /ව්‍යාපාර සංඛ්‍යානය/තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (මෙම විෂයයන් ගෙන් එක් විෂයක් පමණක් තෝරා ගත හැක)
    •   ව්‍යාපාර සංඛ්‍යානය විෂය හැදෑරීම සඳහා  ගණිතය විෂයට Aහෝ B සාමාර්ථයක් ලබා තිබීම වඩාත් සුදුසු වේ.
    • තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය හැදෑරීම සඳහා ගණිතය විෂයට හා ඉංග්‍රීසි විෂයට A හෝ B සාමාර්ථයක් ලබා තිබීම වඩාත් සුදුසු වේ.

  • →උසස්පෙළ වාණිජ  විෂය ධාරාව හැදෑරීම සඳහා වඩාත් සුදුසු වන්නේ අවම වශයෙන් A සාමාර්ථ තුනක් සහිතව අ.පො.ස සා. පෙළ සමත්වීම හා ගණිතය හෝ ව්‍යාපාර හා ගිනුම්කරණ විෂයට  A  හෝ B සාමාර්ථයක් ලබා තිබීම ය.

  • උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීම සඳහා මාධ්‍ය භාෂාව හා ගණිතය ඇතුළුව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් හයක් සමත් වී තිබිය යුතු අතර ඉන් අවම වශයෙන් තුනකට සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතුය. 
    1.       බෞද්ධ ශිෂ්ටාචාරය / සිංහල / සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය / භූගෝල විද්‍යාව/ නාට්‍ය හා රංග කලාව /තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය /සංඛ්‍යානය /ආර්ථික විද්‍යාව 
    2.       සංගීතය / දේශපාලන විද්‍යාව/ නර්තනය /සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය/ චිත්‍ර /ගෘහ ආර්ථික විද්‍යාව/ ජපන්
    3.       තර්ක ශාස්ත්‍රය/  ඉතිහාසය/ සිංහල /කෘෂි විද්‍යාව

    • ව්‍යාපාර සංඛ්‍යානය විෂය හැදෑරීම සඳහා ගණිතය විෂයට A හෝ B සාමාර්ථයක් ලබා තිබීම වඩාත් සුදුසු වේ.
    • තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය හැදෑරීම සඳහා ගණිතය විෂයට හා ඉංග්‍රීසි විෂයට A හෝ B සාමාර්ථයක් ලබා තිබීම වඩාත් සුදුසු වේ.
    • ආර්ථික විද්‍යා විෂය හා තර්ක ශාස්ත්‍රය හැදෑරීම සඳහා ගණිතය විෂයට අවම සම්මාන සාමාර්ථයක් ලබා තිබීම වඩාත් සුදුසු වේ.
    • ජපන් විෂය හැදෑරීම සඳහා ඉංග්‍රීසි විෂයට අවම සම්මාන සාමාර්ථයක් ලබා තිබීම වඩාත් සුදුසු වේ.
  • Ø වැදගත්- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර online ආකාරයට හෝ තැපැල් මගින් හෝ පාසලේ ආරක්ෂක අංශයට හෝ ලැබීමට සලස්වන්න.


 Application for the admission to 2022 GCE A/L